දකුණු අප්‍රිකාව ලකුණු 83 කට දවා ගනිමින් ඉන්දියාව අපරාජිත බව රැක ගනියි

Date:

දකුණු අප්‍රිකාව ලකුණු 83 කට සීමා කරමින් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිය අපරාජිත බව තවදුරටත් රැක ගනිමින් තරගාවලියේ 37 වැනි තරගයෙන් ලකුණු 243 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(5) සමත් වුණා.

කොල්කටා හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 326 ක් රැස් කිරීමට සමත් වුණේ විරාත් කෝලි ලබා ගත් සිය 49 වැනි එක්දින ශතකයෙන් ශක්තිමත් වෙමින්. ඒ අනුව කෝලි මේ වන විට සචින් තෙන්ඩුල්කාර් වාර්තා කළ එක්දින ශතක 49 ලෝක වාර්තාව සම කිරීමට සමත්ව තිබෙනවා.

අද දිනයට කෝලිගේ 35 වැනි උපන් දිනය ද යෙදී ඇති පසුබිමකයි ඔහු මෙම සුවිශේෂී කඩඉමට ළගා වුණේ.

කෝලි පන්දු 121 කින් නොදැවී ලකුණු 101 ක් රැස් කළා. ඒ, හතරේ පහර 10 ක් ද සමගින්. ෂ්රෙයස් අයියර් ලකුණු 77 යි. රෝහිත් ෂර්මා ලකුණු 40 (24) ක් හා ෂුබ්මන් ගිල් ලකුණු 23 ක් ලබා ගනිමින් ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන්නා. ඒ, පළමු කඩුල්ලට පන්දුවාර 5.5 ක් තුළ ලකුණු 62 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 29 (15) ක් රැස් කරමින් ඉනිමට සාර්ථක අවසානයක් ලබා දුන්නා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා පිලේ සියලු දෙනා ලකුණු 83 කට දැවී ගියේ පන්දුවාර 27.1 ක් අවසානයේ දී යි.

මාර්කෝ ජන්සෙන් ලකුණු 14 ක්, රසී වැන් ඩර් ඩසන් ලකුණු 13 ක් මෙන්ම ටෙම්බා බවුමා හා ඩේවිඩ් මිලර් ලකුණු 11 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 33 කට කඩුලු 5 ක් දවා ගත් අතර, මොහඩම් ෂාමි හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...