සුනිල් නරේන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් දග පන්දු යවන ක්‍රීඩක සුනිල් නරේන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

35 හැවිරිදි ඔහු 2011 වසරේ දී ජාත්‍යන්තර තරග බිමට පිවිසි අතර, වසර අටක කාලයක් ඔහු ජාත්‍යන්තර තරග පිටියේ රැදී සිටියා.

අවසන් වරට සුනිල් නරේන් ජාත්‍යන්තර පිටියේ දී දැක ගත හැකි වූයේ 2019 වසරේ දී යි.

ජාත්‍යන්තර පිටියට සමු දීමට අමතරව ඔහු දේශීය එක්දින පිටියෙන් ද විශ්‍රාම ගැනීමටයි තීරණය කර ඇත්තේ.

සුනිල් නරේන් කොදෙව්වන් වෙනුවෙන් ටෙස්ට් තරග 6ක්, එක්දින තරග 65 ක් හා 20යි 20 තරග 51 ක් ක්‍රීඩා කළ අතර, එහිදී දවා ගත් කඩුලු ගණන පිළිවෙලින් 21, 92 හා 52 ක්.

2014 වසරේ දී පළමු වරට ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ අතර, මෙම චෝදනා හේතුවෙන් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට දැඩි බලපෑම් එල්ල වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...