ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් උරුම කරමින් ඉන්දියාව අවසන් පූර්ව වටයට

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 302 ක අන්ත පරාජයක් හිමි කර දෙමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(2) සමත් වුණා.

තරගය ජය ගැනීමට ලකුණු 358 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට සුපුරුදු දියාරු පිතිහරඹය හමුවේ පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 55 ක් පමණයි.

කසුන් රාජිත ලකුණු 14ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා. මහීෂ් තීක්ෂණ (නොදැවී) හා ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 12 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි ලකුණු 18 කට කඩුලු 5 ක් දවා ගත්තා. මොහමඩ් සිරාජ් කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 16 ක් ලබා දෙමින්.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ ලකුණු 357 ක් රැස් කළේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

රෝහිත් ෂර්මා ලකුණු නොලබා පළමු පන්දුවාරයෙන්ම දැවී ගියා. ෂුබ්මන් ගිල් ලකුණු 92 ක්, විරාත් කෝලි ලකුණු 88 ක් හා ෂ්රෙයස් අයියර් ලකුණු 82 ක් රැස් කරමින් ඉන්දීය ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක ලකුණු 80 කට කඩුලු 5ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...