ලෝක කුසලානයෙන් පසු විශ්‍රාම ගන්නා ක්‍රීඩකයින් ගණන 3ක් දක්වා ඉහළට

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඩේවිඩ් විලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහු මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමටයි තීරණය කර ඇත්තේ.

33 හැවිරිදි ඔහුට එළඹෙන වසර සදහා මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමක් පිරිනැමීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු නොකළ පසුබිමක ඔහු මෙම තීරණය ගෙන තිබෙනවා.

ඩේවිඩ් විලී එංගලන්තය වෙනුවෙන් මේ දක්වා එක්දින තරග 70 ක් හා 20යි 20 තරග 43 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී පිළිවෙලින් කඩුලු 94 ක් හා 51 ක් දවා ගැනීමට ඔහු සමත් වුණා.

2023 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව මීට පෙර දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩී කොක් හා ඇෆ්ඝනිස්තානයේ නවීන් උල් හක් ද නිවේදනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...