අවසන් පූර්ව වටයේ සටන තවත් තීව්‍ර වෙයි ; නවසීලන්තයට දරුණු පරාජයක්

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ සටන තවදුරටත් තීව්‍ර කරමින් තරගාවලියේ 32 වැනි තරගයෙන් නවසීලන්තය පරදා ලකුණු 190 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(1) සමත් වුණා.

නවසීලන්තය මෙවර තරගාවලියේ දී පිට පිට ලැබූ තෙවැනි පරාජය මෙය වීම කැපී පෙනෙනවා.

පූනේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 357 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

මෙවර තරගාවලියේ සිය සිව්වැනි ශතකය ද වාර්තා කළ ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 114 (116) ක් රැස් කළ අතර, රසී වැන් ඩර් ඩසන් ලකුණු 133 (118) ක් ලබා ගත්තා. ඩී කොක්ගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 10 ක් ඇතුළත් වූ අතර, ඩසන්ගේ ඉනිම හයේ පහර 5කින් හා හතරේ පහර 9කින් වර්ණවත් වුණා.

ඩේවිඩ් මිලර් වේගවත් ලකුණු 53 ක් ලබා ගත්තේ පන්දු 30 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ටිම් සවුති ලකුණු 77කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 35.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167 ක් පමණයි.

ග්ලේන් පිලිප්ස් ලකුණු 60(50) ක්, විල් යන්ග් ලකුණු 33 ක් හා ඩැරල් මිචෙල් ලකුණු 24 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් ලකුණු 46 කට කඩුලු 4 ක් දවා ගත් අතර, මාර්කෝ ජන්සෙන් ලකුණු 31 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

මෙම ජයත් සමග දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ හිමි කර ගැනීමට ද සමත් වුණා.(ප්‍රසාද ලකුණු සටහන පහතින්)

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...