පාකිස්තානයට දැවැන්ත පරාජයක් උරුම කරමින් ශ්‍රී ලංකා යොවුන් පිල තරගාවලිය දිනයි

Date:

පාකිස්තාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමග පැවැති තරග 5 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-2 ක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද(31) සමත් වුණා.

ඒ, කණ්ඩායම් දෙක අතර අද පැවැති අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 165 ක දැවැන්ත ජයක් වාර්තා කරමින්.

කරච්චි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 293 ක් ලබා ගනිමින් පන්දුවාර 50 අවසන් කළා.

නායක සිනෙත් ජයවර්ධන ලකුණු 82 (69) ක් හා  රුසද ගමගේ ලකුණු 66(64) ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 32.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128 ක් පමණයි.

Arafat Minhas ලකුණු 57 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී විහස් තෙව්මික හා මල්ෂ තරුපති කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...