අයර්ලන්ත කණ්ඩායමට නව නායකයෙකු පත් කෙරේ

Date:

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර තරග රටාවේ නව නායකයා ලෙස පෝල් ස්ටර්ලින්ග් පත් කර තිබෙනවා.

ඒ, මීට මාස කිහිපයකට පෙර ඇන්ඩි බල්බර්නි නායකත්වයෙන් ඉවත් වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුව සදහායි.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසුව පෝල් ස්ටර්ලින්ග් වැඩබලන නායකයා ලෙස ද මෙතෙක් කටයුතු කළා.

සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වුව ද, බල්බර්නි තවදුරටත් අයර්ලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා.

මීට පෙර 33 හැවිරිදි ස්ටර්ලින්ග් තරග 22 කදී අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවා ඇති අතර, 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවීමට ද ඔහු සමත් වුණා.

2019 හා 2023 ලෝක කුසලාන තරගාවලි සදහා සුදුසුකම් ලැබීමට අයර්ලන්තයට නොහැකි වූ බැවින් රටවල් 14 ක් ක්‍රීඩා කරන 2027 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම රැගෙන යාම ඔහුට පැවරෙන ප්‍රධානම වගකීමක් බවට පත් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...