ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබන්නේ මෙහෙමයි ; එංගලන්තය අවධානමේ – කොදෙව්වන් ඉවතට

Date:

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය (2025 Champions Trophy) සදහා කණ්ඩායම් තෝරා ගැනීම 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය හරහා සිදු කෙරෙන බව මේ වන විට අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන රටවල් 7 (පාකිස්තානය හැර) ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

2025 ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සත්කාරක අයිතිය හිමි පාකිස්තානය ද තරගාවලියට මේ වන විටත් සුදුසුකම් ලබා අවසන්.

මෙම සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදය 2021 වසරේ දී ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අනුමත කර ඇති බව අයි.සී.සී ප්‍රකාශකයෙකු ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත තහවුරු කර තිබෙනවා.

මේ වන විට ප්‍රසාද ලකුණූ සටහනට අනුව බංග්ලාදේශය 9 වැනි ස්ථානයේත්, ලෝක ශූර එංගලන්තය 10 වැනි ස්ථානයේත් රැදී සිටිනවා. ඒ අනුව එම කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට නොහැකි වුවහොත් ඔවුන්ට 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය අහිමි වනු ඇති.

එමෙන්ම මෙම සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදය හේතුවෙන් ටෙස්ට් වරම් හිමි රටවල් වන බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ හා අයර්ලන්තය යන මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් නොලැබූ රටවලට ද ශූරයින්ගේ කුසලාන තරගාවලියේ මීළග අදියර අහිමි වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...