එංගලන්තය පරදා ඉන්දියාව පිට පිට 6 වැනි ජයත් ලබයි

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයෙන් ලකුණු 100 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරගාවලියේ දී තමන් ලැබූ 6 වැනි ජයග්‍රහනය ද වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම අද(29) සමත් වුණා.

ලක්නව් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 229 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 34.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 129 ක් පමණයි.

මෙය එංගලන්තය මෙවර තරගාවලියේ දී ලැබූ 5 වැනි තරග පරාජය වීම ද කැපී පෙනෙනවා. ඒ අනුව ඔවුන් තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ අවසන් ස්ථානයේයි. අද ලැබූ ජයත් සමග ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ යළි හිමි කර ගැනීමට ද සමත් වුණා.

අද පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් රෝහිත් ෂර්මා ලකුණු 87 ක් රැස් කළේ ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 40 ක් තුළ බිද වැටුණු පසුබිමකයි. ෂුබ්මන් ගිල් ලකුණු 9කටත්, විරාත් කෝලි ලකුණු නොලබාත්, ෂ්රෙයස් අයියර් ලකුණු 4කටත් දැවී ගියා.

සූර්යකුමාර් යාදව් ලකුණු 49 ක් රැස් කළ අතර, කේ එල් රාහුල් ලකුණු 39 යි. පන්දු යැවීමේ දී ඩේවිඩ් විලී කඩුලු 3 ක් දවා ගත් අතර, ක්‍රිස් වෝක්ස් හා අඩිල් රෂිඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ ලියම් ලිවින්ග්ස්ටන්. ඔහු ලකුණු 27 කට දැවී ගිය අතර, ඩේවිඩ් මලාන් හා ඩේවිඩ් විලී (නොදැවී) ලකුණු 16 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි ලකුණු 22 කට කඩුලු 4 ක් දවා ගත්තා. ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3 ක් බිද හෙලීමට ද සමත් වුණා.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...