බලු පොරයකට මැදි වූ ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකාවට ශල්‍යකර්මයක්

Date:

සුනඛයෙකු සපා කෑමෙන් සිදු වූ තුවාල හේතුවෙන් ඔස්ට්‍රේලියානු හා සිඩ්නි සික්සර්ස් ක්‍රීඩිකා ඇලීසා හීලි ශල්‍යකර්මයකට මුහුණ දී තිබෙනවා.

දකුණු අතෙහි ඇගිල්ලක මෙම ශල්‍යකර්මය සිදු කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සිය නිවසේ දී ඇයගේ සුනඛයින් දෙදෙනෙකු අතර ඇති වූ පොර බැදීමක් වැළැක්වීමට යාමේ දී ඇලීසා හීලි මෙම අනතුරට මුහුණ දී ඇති බව සදහන්.

ඒ හේතුවෙන් ඇයට මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලිය යටතේ ඊයේ(22) සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමග පැවැති තරගය සදහා ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ශල්‍යකර්මය හේතුවෙන් ඇලීසා හීලිට දීර්ඝ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

ඔස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක්ගේ බිරිද වන්නේ ද ඇලීසා හීලි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...