Watch : සියල්ලන් සිනහවට හා පුදුමයට පත් කරමින් පාකිස්තානය ගහපු වසරේ පළමු පවර් ප්ලේ හයේ පහර

Date:

2023 වසරේ දී පාකිස්තානය වෙනුවෙන් පළමු පවර් ප්ලේ හෙවත් පළමු පන්දුවාර 10 තුළ දී හයේ පහරක් එල්ල කළ පළමු පිතිකරුවා බවට පත් වීමට ආරම්භක පිතිකරු අබ්දුල්ලාහ් ශෆික් අද(23) සමත් වුණා.

ඒ, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගයේ දී ඇෆ්ඝනිස්තානයට එරෙහිවයි.

චෙන්නායි හී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

පාකිස්තාන ඉනිමේ 5 වැනි පන්දුවාරය නවීන් උල් හක් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ තෙවැනි පන්දුවටයි ශෆික් හයේ පහරක් එල්ල කළේ.

ජාත්‍යන්තර විස්තර විචාරකයින් ද සිනහවට ලක් කළ එම අවස්ථාව සෙසු පාකිස්තාන ක්‍රීඩකයින්ගේ ද දැඩි ප්‍රසාදයට ලක් වන අයුරු දක්නට ලැබුණා.

මෙම වසරේ දී මේ දක්වා පාකිස්තානය එක්දින තරගයක පළමු පවර් ප්ලේ අවස්ථාවේ දී කිසිදු හයේ පහරක් එල්ල කර තිබුණේ නැහැ.

ඒ අනුව පවර් ප්ලේ අවස්ථාවේ දී මුහුණ දුන් පන්දු 1,169 කට පසුවයි පාකිස්තාන පිතිකරුවෙකු මෙලෙස හයේ පහරක් එල්ල කරනු ලැබුවේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...