ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය යළි අත්හිටුවයි

Date:

ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන යළි සංශෝදනය කරන්නැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් සදහන් කර ඇත්තේ දින 14ක කාලයක් නිරෝධායනය සිදු කරමින් තරග සංචාරයක නිරත වීම සිදු කළ නොහැකි බවයි.

තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ එළඹෙන ඔක්තෝබර් 24 වනදායි.

මීට පෙර එම තරගාවලිය ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමුණා.

ඊයේ(27) දිනයේ දී බංග්ලාදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ නමුත් පසුව අදාළ ගුවන් ගමන අවලංගු කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කළා.

එමෙන්ම ක්‍රීඩකයින් මෙතෙක් රැදී සිටි ජෛව ආරක්ෂිත පරිසරයෙන් ද ඔවුන්ව මුදා හැරීමටයි එරට ක්‍රිකට් බළධාරීන් කටයුතු කළේ.

ක්‍රීඩකයින්ගේ මානසිකත්වය පිළිබද සලකා බලා එලෙස ඔවුන්ට සිය නිවෙස් වෙත යාමට අවසර ලබා දී තිබූ බව සදහන්.

ශ්‍රී ලංකා සංචාරයට එක්වීමට නියමිතව සිටි ක්‍රීඩකයින් පසුගිය 21 වනදා සිට එලෙස ජෛව ආරක්ෂිත පරිසරයක (බාහිර සමාජයෙන් වෙන් කර) රදවා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...