ෂාමිගේ කඩුලු 5 හා කෝලිගේ 95 හමුවේ ඉන්දියාව වසර 20 කට පසු නවසීලන්තය පරදයි

Date:

වසර 20 කට පසු අයි.සී.සී තරගාවලියක දී නවසීලන්තය පරදා තරග ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(22) සමත් වුණා.

ඒ, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වීමත් සමගයි.

ධරම්ශාලා හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 273 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 48 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ විරාත් කෝලි රැස් කළ ලකුණු 95(104) න් ශක්තිමත් වෙමින්. කෝලිගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

රෝහිත් ෂර්මා ලකුණු 46 ක් හා ෂුබ්මන් ගිල් ලකුණු 26 ක් රැස් කළා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 71 ක්.

ෂ්රෙයස් අයියර් ලකුණු 33 කටත්, කේ.එල් රාහුල් ලකුණු 27 කටත් දැවී ගිය අතර, සූර්යකුමාර් යාදව් ලකුණු 2ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා.

රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 39 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට සමත් වුණා. කෝලි හා ජඩේජා අතර 6 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 78 (83) ක්.

පන්දු යැවීමේ දී ලොකී ෆර්ගසන් කඩුලු 2 ක් දවා ගත් අතර, ට්‍රෙන්ට් බෝල්ට්, මැට් හෙන්රි හා මිචෙල් සැන්ට්නර් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ඉනිමේ පළමු කඩුලු 2 ලකුණු 19 ක් තුළ බිද වැටුණු අතර, අනතුරුව රචින් රවීන්ද්‍ර හා ඩැරල් මිචෙල් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 159 (152) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට මග සකස් කළා.

එම සම්බන්ධතාවය අතරතුර දී ලද උඩ පන්දු කිහිපයක් ඉන්දීය ක්‍රීඩකයින් අතින් ගිලිහී යාම ද විශේෂත්වයක්.

රවීන්ද්‍ර ලකුණු 75(87) ක් රැස් කළ අතර, මිචෙල් ලකුණු 130(127) ක් ලබා ගත්තා. මිචෙල්ගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 9 ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි ලකුණු 54 කට කඩුලු 5 ක් දවා ගත්තා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව සිටින්නේ මෙතෙක් ක්‍රීඩා කළ තරග පහම ජය ගනිමින්.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...