පුලිදුගේ 156 හමුවේ ශ්‍රී ලංකා යොවුන් පිලට සුපිරි ජයක්

Date:

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 58 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ඊයේ(22) සමත් වුණා.

කරච්චිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 309 ක් රැස් කළා.

ආරම්භක පිතිකරු පුලිදු පෙරේරා පන්දු 96 කින් සුපිරි ඉනිමක් ගොඩ නගමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 156 ක්. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 17 ක් සමගින්.

රවිෂාන් ද සිල්වා ලකුණු 30 ක්, විශේන් හලබගේ ලකුණු 25 ක් හා ශරුජන් ශන්මුගනාදන් නොදැවී ලකුණු 24 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Naveed Ahmed Khan කඩුලු 3 ක් දවා ගත් අතර, Mohammad Ibtisam, Arafat Minhas හා Ahmed Hussain කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන යොවුන් කණ්ඩායමට පන්දුවාර 45.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 251 ක් පමණයි.

Shamyl Hussain ලකුණු 98 ක් ලබා ගත් අතර, Arafat Minhas ලකුණු 84 යි.

පන්දු යැවීමේ දී දිනුර කලුපහන ලකුණු 32 කට කඩුලු 4 ක් දවා ගත්තා. ගරුක සන්කෙත් කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 42 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...