ශ්‍රී ලංකා තරගය අභියස එංගලන්ත ක්‍රීඩකයෙකු ලෝක කුසලානයෙන් ඉවතට ; ආචර්ට කැදවීමක් ?

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක රීස් ටොප්ලිට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

ඒ, පසුගියදා දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේ දී ඔහු මුහුණ දුන් ආබාධයක් හේතුවෙන්.

එම තරගයේ දී සිය සිව්වැනි පන්දුවාරය යොමු කරමින් සිටියදී පන්දුවක් රැක ගැනීමට යාමේ දී ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක මෙම ආබාධය සිදු වුණා.

ඒ හේතුවෙන් ඔහුට එම පන්දුවාරය ද සම්පූර්ණ කිරීමට නොහැකි වූ නමුත්, ඔහු පසුව පැමිණ තවත් පන්දුවාර 5ක් යොමු කළා.

කෙසේ වෙතත්, එංගලන්ත ඉනිමේ දී පන්දුවට පහර දීම සදහා ඔහු පිටියට පිවිසියේ නැහැ.

අනතුරුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක අස්ථි බිදී යාමක් සිදුව ඇති බවයි.

ඒ හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති අතර, ටොප්ලි වෙනුවට කණ්ඩායමට ආදේශ කරන්නේ කුමන ක්‍රීඩකයාදැයි එංගලන්ත ක්‍රිකට් ආයතනය මෙතෙක් නිවේදනය කර නැහැ.

කෙසේ වෙතත්, ජොෆ්ර ආචර් ඒ වෙනුවෙන් සලකා නොබලන ද බව ද එරට ප්‍රධාන පුහුණුකරු මැතිව් මොට් තහවුරු කර තිබෙනවා.

ආචර් මේ වන විට එංගලන්ත සංචිතය සමග අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඉන්දියාවේ රැදී සිටින නමුත්, ඔහු තවමත් වැලමිටක ආබාධයකින් සුවය ලබමිනුයි පසුවන්නේ.

ලෝක කුසලානය යටතේ එංගලන්තය ක්‍රීඩා කරන මීළග තරගය එළඹෙන 26 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව බැංගලූරුහී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...