බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා නැගී එන පිල තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Date:

සංචාරක බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද(22) සමත් වුණා.

ඒ, කණ්ඩායම් දෙක අතර පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

දඹුල්ලේ පැවැති තරගයේ දී ශ්‍රී ලංකා නැගී එන පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 47 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 223 ක්.

Shahadat Hossain ලකුණු 79 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී චමිදු වික්‍රමසිංහ හා අශේන් ඩැනියල් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

නිපුන් ප්‍රේමරත්න හා විජයකාන්ත් වියස්කාන්ත් අතරේ ද කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පන්දුවාර 31.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 224 ක් ලබා තරගයේ ජය තහවුරු කර ගත්තා.

පවන් රත්නායක පන්දු 56 කින් ලකුණු 85 ක් ලබා ගත්තේ හයේ පහර 2 ක් හා හතරේ පහර 11 ක් සමගින්.

නවෝද් පරණවිතාන ලකුණු 47 ක් හා අහන් වික්‍රමසිංහ ලකුණු 30 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Ripon Mondol කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...