මුම්බායි සමග අද තරගයේදී ඉසුරු උදානට අවස්ථාවක් හිමිවන ලකුණු

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද(28) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වෙනවා.

ජයග්‍රාහී ලෙස මෙවර තරගාවලිය විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් කණ්ඩායම ඇරඹුව ද දෙවන තරගයේ දී ඔවුන් දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා.

එහි ප්‍රතිපලය වූයේ ඔවුන්ට ලකුණු 97 ක දැවැන්ත පරාජයක් අත්වීමයි.

පිතිකරණයට සාපේක්ෂව පන්දු යැවීමේ අංශයෙන් ද බැංගලෝර් කණ්ඩායම වැඩි දුර්වලතාවයක් පෙන්නුම් කළ බව දක්නට ලැබුණා.

ඩේල් ස්ටේන් වැනි ප්‍රවීන පන්දු යවන්නෙකු සිටියත් තරගයේ අවසාන පන්දුවාරවලදී ඔහුට එල්ල වූ අනපේක්ෂිත ප්‍රහාරය නිසා කණ්ඩායම අපේක්ෂා කළ සේවාව ඔහුගෙන් ඉටුවූයේ නැහැ.

එවැනි තත්වයක් මත ක්‍රීඩා විචාරකයන් මත පල කරන්නේ අද තරගයෙදී ඩේල් ස්ටේන්ගේ ස්ථානය අහිමි වීමේ වැඩි අවධානමක් පවතින බවයි.

ඔහුගේ අහිමිවීමෙන් සැකසෙන පුරප්පාඩුව පිරවීම සදහා සංචිතය තුල ඉසුරු උදාන හා ක්‍රිස් මොරිස් යන විදෙස් වේග පන්දු යවන්නන් දෙදෙනා සිටිය ද වාර්තා වන අන්දමට පුහුණුවීම් අතරතුර මුහුණ දුන් ආබාධය තවමත් සුව තත්ත්වයට පත් නොවීම හේතුවෙන් ක්‍රිස් මොරිස්ට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් අද පැවැත්වෙන තරගය අහිමි වනු ඇති.

බැංගලෝර් කණ්ඩායමේ ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ මයික් හෙසන් ඒ බව අද (28) තරගයට පෙර පැවති පුහුණු සැසියකින් අනතුරුව සනාථ කර තිබුණා.

ඒ අනුව ඉසුරු උදාන මෙවර අයි.පී.එල් තරගාවලියේ දී දැක බලා ගැනීම සදහා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ඇගිලි ගනිමින් බලා සිටි එම අවස්ථාව අද තරගයේදී උදාවීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

අද තරගයේදී ක්‍රීඩා කිරීමට වැඩි සංභාවිතාවක් පවතින බැංගලෝර් කණ්ඩායම මෙසේයි –

දෙව්දුත් පඩික්කල්, ✈ ආරෝන් ෆින්ච් , විරාට් කෝලී (c), ✈ ඒ.බී. ඩිවිලියර්ස් , ✈ ජොෂ් ෆිල්පි (wk) , ශිවම් ඩුබේ,  වොෂින්ටන් සුන්දර් , ✈ ඉසුරු උදාන/ඩේල් ස්ටේන් , නව්දීප් ශයිනී, උමේෂ් යාදෙව්/මොහොමඩ් සිරාජ්, යුස්වෙන්ද්‍ර චෙහෙල්.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායිහී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...