කෝලිගේ ශතකය ඉන්දියාවට අඛණ්ඩව සිව්වැනි තරග ජයත් හිමි කර දෙයි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ සිය අපරාජිත වාර්තාව තවදුරටත් රැක ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(19) සමත් වුණා.

පූනේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 256 ක් රැස් කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දු 51 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3 ක් පමණක් දැවී සිටියදීයි.

සුපිරි ශතකයක් වාර්තා කළ විරාත් කෝලි පන්දු 97 කින් නොදැවී ලකුණු 103 ක් රැස් කළා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 6 ක් සමගින්. තරගය ජය ගැනීමට ඉන්දියාවට ලකුණු 2ක් අවශ්‍යව තිබූ අවස්ථාවක කෝලිට සිය ශතකය වාර්තා කිරීමට ලකුණු 3ක් අවශ්‍යව තිබුණා. එහිදී කෝලි හයේ පහරක් එල්ල කරමින් සිය ශතකය මෙන්ම ඉන්දියාවට ජයග්‍රහනය ද තහවුරු කර දීමට සමත් වුණා.

ෂුබ්මන් ගිල් ලකුණු 53 ක්, රෝහිත් ෂර්මා ලකුණු 48 ක් හා කේ එල් රාහුල් නොදැවී ලකුණු 34 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස් ලකුණු 47 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ලිටොන් දාස් ලකුණු 66 ක් ලබා ගත් අතර, තන්සිඩ් හසාන් ලකුණු 51 ක් ලබා ගත්තා. මහ්මුදුල්ලාහ් ලකුණු 46 යි. මුෂ්ෆිකර් රහීම් ලකුණු 38 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා, මොහමඩ් සිරාජ් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...