ශ්‍රී ලංකා නැගී එන පිල දෙවැනි එක්දින තරගය පරදියි

Date:

සංචාරක බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 21 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට අද(19) සිදු වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගී එන පිල පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 297 ක් රැස් කළා.

නායක අහන් වික්‍රමසිංහ ලකුණු 77 ක් ලබා ගත් අතර, සොනාල් දිනූෂ ලකුණු 62 යි. පන්දු යැවීමේ දී Musfik Hasan කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ඉනිම පන්දුවාර 36 ක් අවසානයේ දී නතර කිරීමට සිදු වූයේ අයහපත් කාළගුණය හේතුවෙන්.

ඒ වන විට බංග්ලාදේශ නැගී එන කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 200 ක් ලබා සිටියා.

තරගය ජය ගැනීමටනම් බංග්ලාදේශය එම අවස්ථාවේ දී ලබා සිටිය යුතු වූ ලකුණු ප්‍රමාණය 180 ක්. ඒ අනුවයි ඔවුන්ට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 21 ක ජයක් හිමි වුණේ.

Prantik Nawrose Nabil නොදැවී ලකුණු 92 ක් හා Mahmudul Hasan Joy නොදැවී ලකුණු 57 ක් ලබා සිටියා. පන්දු යැවීමේ දී චාමික ගුණසේකර හා චමිදු වික්‍රමසිංහ කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඒ අනුව කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස මේ වන විට කණ්ඩායම් දෙකම සම මට්ටමේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...