පාන්ඩ්යාගේ වෛද්‍ය වාර්තා නිකුත් වෙයි ; ලැබුණු වෛද්‍ය උපදෙස් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (19) බංග්ලදේශය සමග පැවැති තරගයේ දී ආබාධයකට ලක් වූ ඉන්දීය උප නායක හා තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යාට තවදුරටත් විවේක ගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු අද දිනයේ දී ඉන්දීය කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග ධරම්ශාලා බලා පිටත්ව නොයන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

ඒ අනුව ඔහුට එළඹෙන 22 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය අහිමි වනු ඇති.

ඔහු එංගලන්තය සමග එළඹෙන 29 වැනිදා පැවැත්වීමට නියමිත තරගය අරමුණු කර ගනිමින් ඉන්දීය සංචිතය සමග ලක්නව් හී දී එක්වීමට නියමිතව ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කළේ.

බංග්ලාදේශයට එරෙහිව පූනේ හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ ඉනිමේ 9 වැනි පන්දුවාරය යොමු කරමින් සිටියදීයි පාන්ඩ්යා මෙලෙස ආබාධයකට මුහුණ දුන්නේ.

ඔහු විසින් එම තරගයේ දී යොමු කළ පළමු පන්දුවාරය එය වූ අතර, එම පන්දුවාරයේ තෙවැනි පන්දුව යොමු කිරීමෙන් අනතුරුව තමා දෙසට පෙරළා පැමිණි පන්දුව පාදයෙන් නතර කිරීමට ගත් උත්සාහයේ දී පාන්ඩ්යාගේ වම් වළලුකර ප්‍රදේශයේ ආබාධය සිදු වුණා.

අනතුරුව මූලික වෛද්‍ය ප්‍රතිකාර ඔහුට ලබා දුන් නමුත්, පසුව ඔහුව ක්‍රීඩාංගනයෙන් ඉවතට රැගෙන යාමටයි පියවර ගැණුනේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ පස්වරුවේ සදහන් කළේ හර්ඩික් පාන්ඩ්යා වෛද්‍ය පරීක්ෂණයක් (scans) සදහා රෝහල් ගත කළ බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...