ශ්‍රී ලංකා යොවුන් පිල පාකිස්තානය හමුවේ පරදියි

Date:

සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග පැවැති සිව්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන යොවුන් කණ්ඩායම තරගයේ තෙවැනි දිනය වූ ඊයේ(17) දිනයේ දී සමත් වුණා.

කරච්චි හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 433 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 204 ක් පමණයි.

අනතුරුව අඛන්ඩව දෙවැනි ඉනිමත් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර, දෙවැනි ඉනිමේ දී ශ්‍රී ලංකාව රැස් කළේ සියලු දෙනා දැවී ලකුණු 236 ක් පමණයි.

ඒ අනුව තරගය ජය ගැනීමට පාකිස්තානයට ලකුණු 8ක ඉලක්කයක් හිමි වුණා. ඔවුන් එය එක් කඩුල්ලක් දැවී පසු කර ගියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පුලිදු පෙරේරා ලකුණු 65 ක් රැස් කළ අතර, දෙවැනි ඉනිම වෙනුවෙන් නායක සිනෙත් ජයවර්ධන (52) හා පුලිදු පෙරේරා (50) අර්ධ ශතක වාර්තා කළා.

පාකිස්තාන පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Shahzaib Khan ලකුණු 161 ක් රැස් කළ අතර, Azan Awais ලකුණු 104 යි.

කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 22 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...