ඉන්දියාවට එරෙහි තරගයෙන් පසු පාකිස්තාන ක්‍රීඩකයින් රැසකට උණ ගැනිලා

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින පාකිස්තාන සංචිතයේ ක්‍රීඩකයින් රැසක් වෛරස් උණ රෝගී තත්ත්වයකට මුහුණ දී සිටිනවා.

ඒ අනුව ඊයේ(17) පැවැති පුහුණුවීම් සදහා ද ක්‍රීඩකයින් රැසකට සම්බන්ධ වීමට නොහැකි වූ බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

උණ රෝගයෙන් පෙලෙන අබ්දුල්ලාහ් ශෆික් මේ වන විට ඔහුගේ කාමරයේම නිරෝධායනයට ලක් කර ඇති බව ද සදහන්.

ශහීන් ශාහ් අෆ්රිඩි, සවුද් ශකීල් හා සමාන් ඛාන් ද මෙම වෛරස් රෝගයට ගොදුරු වී තිබෙනවා.

පසුගිය සෙනසුරාදා පාකිස්තාන කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරගය පැවැත්වෙන විට ද උසාමා මීර් උණ රෝගයෙන් පෙළෙමින් සිටි බව සදහන්.

උණ රෝගයෙන් පෙළෙන කිසිදු ක්‍රීඩකයෙකුට ඩෙංගු රෝග ලක්ෂණ නොමැති බවයි වාර්තා වන්නේ.

පාකිස්තාන කණ්ඩායම මෙවර ලෝක කුසලානය යටතේ ක්‍රීඩා කරන මීළග තරගය සිකුරාදා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

එම තරගයට අෆ්රිඩිට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

උණ රෝගයෙන් පෙළුණු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවත්, සුවය ලබමින් සිටින අනෙක් ක්‍රීඩකයින් වෛද්‍ය කණ්ඩායමේ අධීක්ෂණය යටතේ පසුවන බවත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළා.

මීට පෙර ඉන්දීය ක්‍රීඩක ෂුබ්මන් ගිල්ට ඩෙංගු රෝගය ආසාදනය වූ අතර, ඒ හේතුවෙන් ඔහුට තරගාවලිය යටතේ ඉන්දියාව ක්‍රීඩා කළ පළමු තරග දෙක ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...