දසුන් තවදුරටත් ඉන්දියාවේ රදවා ගැනීමට පියවර

Date:

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානකට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුවත්, තවදුරටත් ඔහුව ශ්‍රී ලංකා සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස රදවා ගැනීමට තීරණය කර තිබෙනවා.

දසුන් පසුගිය 10 වැනිදා පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේ දී පාදයක ආබාධයකට ලක්ව තිබූ අතර, ඒ හේතුවෙනුයි ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණේ.

ඔහු වෙනුවට චාමික කරුණාරත්න ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට ද පියවර ගැණුනා. චාමික අද ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයට ද ක්‍රීඩා කරනවා.

දසුන් ශානකගේ ආබාධය සුව වීමට සති තුනක පමණ කාලයක් ගත වන බව සදහන්. ඒ අනුව ඔහු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායම සමග සිය පුනරුත්තාපන කටයුතු සිදු කරනු ඇති.

ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෙකු තරගාවලියේ අවසන් අදියරේ දී ආබාධයකට ලක් වුවහොත් ඔහු වෙනුවට දසුන් ශානක සංචිතයට ආදේශ කිරීමේ අරමුණිනුයි ඔහුව තවදුරටත් ඉන්දියාවේ රදවා ගැනීමට තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...