ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ඇතුළත් කිරීමට IOC අනුමැතිය

Date:

2028 වසරේ දී ලොස් ඇන්ජලීස් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිල අනුමැතිය අද (16) හිමි වුණා.

ඒ, අද මුම්බායි හී දී පැවැති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 141 වැනි සැසිවාරයේ දී යි.

රූපවාහිනි හා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ බිලියන තුනකට අධික නරඹන්නන් පිරිසක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නරඹන බැවින් ක්‍රිකට් ක්‍රීඩාව නව නරඹන්නන් පිරිසක් අතරට රැගෙන යාමට මේ ඔස්සේ හැකි වනු ඇති බවට ජගත් ක්‍රිකට් කවුන්සලය අපේක්ෂා කරනවා.

මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සදහා ඇතුළත් කර තිබුණේ 1900 වසරේ පැවැති පැරිස් ක්‍රීඩා උළෙල සදහායි.

ඒ අනුව වසර 128 කට පසුවයි ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සදහා ඇතුළත් කිරීමට තීරණය කර ඇත්තේ. ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පන්දුවාර 20යි 20 තරග රටාවෙන් කාන්තා හා පිරිමි අංශ දෙකෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට නියමිතයි.

ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දේශිය සංවිධායක කමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු නව ක්‍රීඩා 5ක් – Baseball/Softball, Flag Football, Lacrosse (Sixes) හා Squash – 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් පසුගිය 09 වැනිදා නිර්දේශ කර තිබුණා.

පසුව එම නිර්දේශ සදහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවුණේ පසුගිය 13 වැනිදායි.

ඉන් අනතුරුවයි අද දිනයේ දී මෙලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිල අනුමැතිය හිමිවුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...