සිය පළමු තරගයෙන්ම විලියම්සන්ගේ ලෝක කුසලාන ගමන අවසන් ද? නවසීලන්තයෙන් අසුබ ආරංචියක්

Date:

බංග්ලාදේශය සමග ඊයේ(13) පැවැති මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 තරගයේ දී ආබාධයකට ලක් වූ කේන් විලියම්සන්ට  තරගාවලියේ ඉදිරි තරග රැසක් අහිමි වන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහු අද දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයක් (X-ray) සදහා යොමු කර තිබූ අතර, එහිදී අනාවරණය වී තිබුණේ වම් මාපටැඟිල්ලෙහි අස්ථි බිදී යාමක් සිදුව ඇති බවයි.

2023 අයි.පී.එල් තරගාවලියේ දී සිදු වූ ආබාධයක් හේතුවෙන් මාස ගණනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි නායක කේන් විලියම්සන් එම ආබාධය සුව වී ක්‍රීඩා කළ පළමු තරගය වූයේ බංග්ලාදේශයට එරෙහි මෙම තරගයයි.

එහිදී ඔහු ලකුණු 78 ක් රැස් කළේ පන්දු 107 කින්. හයේ පහරක් හා හතරේ පහර 8 ක් සමගින් ඔහු සිය ඉනිම ගොඩ නැගුවා.

නමුත්, ලකුණක් කරා පැති මාරු කර ගැනීමට යාමේ දී පන්දු රකින්නෙකු කඩුල්ලට යොමු කළ පන්දුවක් අතේ වැදීමෙන් සිදු වූ ආබාධය හේතුවෙන් විලියම්සන් පිටියෙන් ඉවත් වීමටයි තීරණය කළේ.

ඔහු තවදුරටත් නවසීලන්ත සංචිතය සමග ඉන්දියාවේ රැදී සිටින අතර, තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට නවසීලන්ත ක්‍රිකට් ආයතනය අපේක්ෂාවෙන් පසුවනවා.

කෙසේ වෙතත්, ඔහුගේ ආබාධය හේතුවෙන් ටොම් බ්ලන්ඩල් ඉන්දියාව වෙත පිටත් කර හැරීමටයි තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...