පිට පිට තෙවැනි ජයත් ලබමින් නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණට

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ යළි හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(13) සමත් වුණා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 245 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 42.5 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආබාධයක් හේතුවෙන් මාස ගණනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි නායක කේන් විලියම්සන් මෙම තරගයේ දී යළි නවසීලන්ත පිල නියෝජනය කළ අතර, ඔහු ලකුණු 78 ක් රැස් කළේ පන්දු 107 කින්. හයේ පහරක් හා හතරේ පහර 8 ක් සමගින් ඔහු සිය ඉනිම ගොඩ නැගුවා. නමුත්, ලකුණක් කරා පැති මාරු කර ගැනීමේ දී පන්දුවක් අතේ වැදීමෙන් සිදු වූ ආබාධයක් හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් වීමටයි තීරණය කළේ.

ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 89 යි. පන්දු 67 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත්. ඩෙවෝන් කොන්වේ ලකුණු 45 යි.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඉනිමේ 4 වැනි කඩුල්ල ලකුණු 56 දී බිද වැටුණු නමුත්, අනතුරුව ශකිබ් අල් හසාන් හා මුෂ්ෆිකර් රහීම් බංග්ලාදේශ ඉනිම ගොඩ නැගුවා. ඒ, 5 වැනි කඩුල්ලට ලකුණු 96 (108) ක සම්බන්ධතාවයක් පිහිටුවමින්.

නායක ශකිබ් ලකුණු 40 කට දැවී ගිය අතර, රහීම් ලකුණු 66යි. මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 41 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ලොකී ෆර්ගසන් ලකුණු 49 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ට්‍රෙන්ට් බෝල්ට් හා මැට් හෙන්රි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...