ඔස්ට්‍රේලියාව පිට පිට දෙවැනි තරගයත් පරදිද්දී දකුණු අප්‍රිකාව දෙවැනි තරගයත් ජය ගනියි

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 134 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(12) සමත් වුණා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

ලක්නව්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 311 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 40.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 177 ක් පමණයි.

මර්නස් ලබුෂේන් ලකුණු 46 ක් රැස් කළ අතර, මිචෙල් ස්ටක් ලකුණු 27 ක් හා නායක පැට් කමින්ස් ලකුණු 22 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා කඩුලු 3 ක් දවා ගත් අතර, මාර්කෝ ජන්සෙන්, කේෂාව් මහරාජ් හා ටබ්රයිස් ශම්සි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 109 ක් රැස් කළා. එය මෙවර තරගාවලියේ දී ඔහු වාර්තා කළ දෙවැනි ශතකයයි.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 56 යි. පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් හා ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව මේ වන විට මෙවර තරගාවලියේ දී තමන් ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත් වීමට ඔස්ට්‍රේලියාවට සිදුව තිබෙනවා. දකුණු අප්‍රිකාව මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ඔවුන් ජය ගැනීමට සමත් වුණා.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...