Watch : සුපිරි පන්දුවක් හමුවේ රහීම් අන්ත අසරණ වූ හැටි

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකර් රහීම්ගේ කඩුල්ල දවා ගැනීමට නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි අද(13) සමත් වුණා.

හෙන්රි විසින් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් රහීම් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 66(75) ක්. හයේ පහර 2ක් හා හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

බංග්ලාදේශ ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසයි මුෂ්ෆිකර් රහීම් දැවී ගියේ. ඒ වන විට බංග්ලාදේශ ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 175 ක් ලෙසයි.

චෙන්නායි හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලකුණු 245 ක් රැස් කිරීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...