චමරි අතපත්තු විදෙස් ලීග් තරගාවලියක් සමග ගිවිසුම්ගත වෙයි

Date:

එළඹෙන බිග් බෑෂ් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ගිවිසුම්ගත වී තිබෙනවා.

ඇය සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමග එලෙස ගිවිසුම්ගත වී ඇත්තේ බිග් බෑෂ් ලීග් කාන්තා තරගාවලිය වෙනුවෙන් වූ ක්‍රීඩිකාවන් කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවේ දී ඇයව කිසිදු කණ්ඩායමක් විසින් තෝරා නොගත් පසුබිමකයි.

චමරි මීට පෙර බිග් බෑෂ් තරගවාර 4 ක් සදහා පර්ත් ස්කෝචර්ස් හා මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම් නියොජනය කරමින් ක්‍රීඩා කළා.

නිමා වූ එංගලන්ත තරග සංචාරයේ දී 20යි 20 තරගාවලියේ වීරවරිය ලෙස ද චමරි සම්මානයෙන් පිදුම් ලැබූ අතර, බිග් බෑෂ් තරගාවලියට තෝරා නොගැනීම සම්බන්ධයෙන් ඇය එංගලන්ත සංචාරය අතරතුර දී සමාජ මාධ්‍ය ඔස්සේ සිය කණගාටුව ප්‍රකාශ කර තිබුණා.

චමරි අතපත්තු හැරුණු විට සිඩ්නි තන්ඩර් සංචිතය සදහා Marizanne Kapp, Heather Knight හා Lauren Bell යන විදෙස් ක්‍රීඩිකාවන් ද ඇතුළත්.

එළඹෙන තරග වාරයේ දී කණ්ඩායමේ නායිකාව ලෙස Heather Knight කටයුතු කිරීමට නියමිතයි.

බිග් බෑෂ් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 22 වැනිදා සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...