ශකිබ් ප්‍රමුඛ බංග්ලාදේශයට අයි.සී.සීයෙන් දඩ

Date:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්තය සමග ඊයේ(10) පැවැති තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නිමා නොකිරීම හේතුවෙන්.

බංග්ලාදේශ කණ්ඩායම එම තරගයේ දී නියමිත කාලය නිමා වන විට එක් පන්දුවාරයක් යවා අවසන් කර තිබුණේ නැහැ.

අයි.සී.සී නීති ප්‍රකාරව කණ්ඩායමක් නියමිත කාලය වන විට යවා නිමා කර නොමැති පන්දුවාරයක් සදහා තරග ගාස්තුවෙන් 5% ක දඩ මුදලක් පනවනු ලබනවා.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 5% ක දඩ මුදලක් පැනවීමටයි තරග තීරක ජවගල් ශ්‍රීනාත් පියවර ගෙන ඇත්තේ.

සිය කණ්ඩායමේ වරද හා ලබා දුන් දඩුවම බංග්ලාදේශ නායක ශකිබ් අල් හසාන් විසින් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොකරන බව අයි.සී.සීය නිවේදනය කළා.

ධරම්ශාලා හී දී පැවැති අදාළ තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 137 ක ජයක් වාර්තා කිරිමට එංගලන්තය සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...