Abu Dhabi T10 තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 14 දෙනෙකු තෝරා ගැනේ

Date:

Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි අදියර සදහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) කටයුතු හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ඊයේ (9) රාත්‍රියේ සිදු කෙරුණා.

එහිදී කණ්ඩායම් 8 විසින් සිය සංචිත සදහා ක්‍රීඩකයින් තෝරා ගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ද ඒ අතරට ඇතුළත්ව තිබෙනවා.

කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනෙකු කණ්ඩායම් කිහිපයක් විසින් සිය සංචිතවල රදවා ගැනීමට හා සෘජුවම ගිවිසුම්ගත වීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව Morrisville Samp Army කණ්ඩායම සදහා මහීෂ් තීක්ෂණ ද, Northern Warriors කණ්ඩායම සදහා වනිදු හසරංග හා ඇන්ජෙලෝ මැතිව්ස් ද, Bangla Tigers කණ්ඩායම සදහා මතීෂ පතිරණ ද කෙටුම්පත් කිරීමට පෙරම ඇතුළත්ව සිටියා.

ඊට අමතරව චරිත් අසලංක හා භානුක රාජපක්ෂ ඇතුළත්ව සිටියේ Chennai Braves සංචිතය වෙනුවෙනුයි.

කෙටුම්පත් කිරීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු තෝරා ගැණුනා. ඒ අනුව මෙවර තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රමාණය 14 ක්.

තරගාවලිය නොවැම්බර් 28 වැනිදා සිට දෙසැම්බර් 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

කෙටුම්පත් කිරීමේ දී තෝරා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –

  • කුසල් මෙන්ඩිස් – Bangla Tigers
  • නුවන් තුෂාර – Deccan Gladiators
  • දුනිත් වෙල්ලාලගේ – Delhi Bulls
  • ලහිරු කුමාර – New York Strikers
  • චාමික කරුණාරත්න – New York Strikers
  • ලසිත් කෘෘස්පුල්ලේ – New York Strikers
  • කුසල් පෙරේරා – New York Strikers
  • ඩිල්ෂෘන් මදුෂංක – Team Abu Dhabi

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...