Watch : කුසල් මෙන්ඩිස්ගේ වාර්තාගත ශතකය මෙන්න

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේ දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් අද(10) සමත් වුණා.

පාකිස්තානයට එරෙහිව හයිදරාබාද් හී දී ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මෙන්ඩිස් පන්දු 77කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 122 ක්.

හයේ පහර 6කින් හා හතරේ පහර 14 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

මෙන්ඩිස් සිය ශතකය පන්දු 65 කින් වාර්තා කළ අතර, එය ඉතිහාසගත වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය ලෙසයි.

මීට පෙර කුමාර් සංගක්කාර පන්දු 70 කින් එංගලන්තයට එරෙහිව 2015 ලෝක කුසලානයේ දී රැස් කළ ශතකය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියක වාර්තා වූ වේගවත්ම ශතකය ලෙසයි වාර්තා අතරට එක්ව තිබුණේ.

මෙන්ඩිස්ගේ සුපිරි ඉනිම පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...