ෂුබ්මන් ගිල් ගැන තවත් අසුබ ආරංචියක්

Date:

අසනීප තත්ත්වයකින් පසුවන ඉන්දීය ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් අද(9) දිනයේ දී ඉන්දීය කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග චෙන්නායි සිට දිල්ලි වෙත පිටත්ව නොයන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

ඔහු මේ වන විට ඩෙංගු රෝගයෙන් පෙළෙමින් සිටින අතර, ඒ හේතුවෙන් ඔහුට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ චෙන්නායි හී දී ඊයේ(8) ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගය ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ෂුබ්මන් ගිල්ට එළඹෙන 11 වැනිදා ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත තරගය ද අහිමි වන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

වෛද්‍ය කණ්ඩායමේ අධීක්ෂණය යටතේ ඔහු තවදුරටත් චෙන්නායි හි රැදී සිටීමට නියමිතයි.

මෙම වසරේ වැඩිම එක්දින ලකුණුලාභියා වන ගිල් ලකුණු 1,230 ක් වාර්තා කර ඇත්තේ 72.35 ක සාමාන්‍යයක් හා 105.03 ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගනිමින්.

ෂුබ්මන් ගිල්ට පළමු තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වූ බැවින් ඔහු වෙනුවට ඉෂාන් කිෂන් ඉනිමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළා. කෙසේ වෙතත්, කිෂන්ට එම තරගයේ දී කිසිදු ලකුණක් රැස් කිරීමට හැකි වූයේ නැහැ.

ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගයෙන් පසුව ඉන්දියාව එළඹෙන 14 වැනිදා පාකිස්තානයට එරෙහිව අහ්මදාබාද් හී දී තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...