තීක්ෂණගේ තත්ත්වය ගැන සහාය පුහුණුකරු අදහස් දක්වයි

Date:

පාකිස්තානය සමග මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට(10) පැවැත්වීමට නියමිත තරගය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සුදුසු යෝග්‍යතාවයකින් පසුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් පවසනවා.

හෙට තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ආසියානු කුසලාන තරගාවලියේ දී මුහුණ දුන් පාදයක ආබාධයෙන් පසුව 100% ක යෝග්‍යතාවයකින් පසු නොවීම හේතුවෙන් තීක්ෂණට දකුණු අප්‍රිකාව සමග පසුගිය 7 වැනිදා පැවැති තරගයට ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 102 කින් පරාජයට පත් වුණා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි තරගය හෙට පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන්නේ හයිදරාබාද් හී දී යි. තරගය පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...