CWC 23 : Day 5 – ලෝක කුසලානයේ නවතම තොරතුරු

Date:

නවසීලන්ත – නෙදර්ලන්ත තරගය

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය අද(9) පැවැත්වෙනවා. ඒ, නවසීලන්තය හා නෙදර්ලන්තය අතරයි.

තරගය පස්වරු 2ට හයිදරාබාද් හී දී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගය සදහා ද නවසීලන්ත නිත්‍ය නායක කේන් විලියම්සන් ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ, ඔහු තවමත් 100% ක යෝග්‍යතාවයකින් පසු නොවන බැවින්.

කෙසේ වෙතත්, ආබාධ හේතුවෙන් පසුගිය තරගය ක්‍රීඩා නොකළ ටිම් සවුති හා ලොකී ෆර්ගසන් යන දෙදෙනාගෙන් අවම වශයෙන් එක් අයෙකු හෝ අද තරගය සදහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා. සවුති ඊයේ දිනයේ දී ද පුහුණුවීම් අතරතුර පන්දු යවා තිබූ නමුත්, ෆර්ගසන් එලෙස පුහුණුවීම් තුළ පන්දු යවා තිබුණේ නැහැ.

මේ අතර, නෙදර්ලන්ත ක්‍රීඩක Logan van Beek පාදයක ආබාධයකට ලක්ව සිටින බැවින් ඔහුට අද තරගය ඇතැම් විට අහිමි වනු ඇති.

වත්මන් ප්‍රසාද ලකුණු සටහන

[team_standings 51865]

ලකුණු දෙකට කඩුලු 3 ක් දැවී ගිය ඉන්දියාවේ නම්බුව කෝලි-රාහුල් බේරා දෙයි

පන්දු යවන්නන්ගේ දක්ෂතා මෙන්ම විරාත් කෝලි හා කේ එල් රාහුල්ගේ සටන්කාමී පිතිහරඹය හමුවේ ඔස්ට්‍රේලියාව පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ(8) සමත් වුණා.

පිතිකරුවන්ට යෝග්‍ය නොවූ චෙන්නායි හි චීපක් තණතීරුවේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 199 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 41.2 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඒ, ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 2 ක් තුළ බිද වැටුණු පසුබිමකයි. ඉෂාන් කිෂන්, රෝහිත් ෂර්මා හා ෂ්රෙයස් අයියර් එලෙස ලකුණු නොලබා දැවී ගියේ පන්දුවාර 2ක් පමණක් අවසන්ව තිබියදීයි.

කෙසේ වෙතත්, අනතුරුව විරාත් කෝලි සමගින් පිටියේ එක් වූ කේ එල් රාහුල් සිව්වැනි කඩුල්ල සදහා පන්දු 215 කින් ලකුණු 165 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවේ ඉන්දියාව අවනම්බු සහගත පරාජයකින් ගළවා ගනිමින්.

කෝලි ලකුණු 85 ක් රැස් කළේ පන්දු 116 කින්. ඒ, හතරේ පහර 6ක් සමගින්. රාහුල් පන්දු 115 කින් නොදැවී ලකුණු 97 ක් ලබා ගත්තා. හයේ පහර 2 ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

කෝලි ලකුණු 12 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් මිචෙල් මාෂ් අතින් ගිලිහී යාම තරගයේ තීරණයට දැඩිව බලපෑවා. ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 20 ක් ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...