දසුන් වරද පිළිගනියි, ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ ගසයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ,  මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නිමා නොකිරීම හේතුවෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයේ දී නියමිත කාලය නිමා වන විට පන්දුවාර දෙකක් යවා අවසන් කර තිබුණේ නැහැ.

අයි.සී.සී නීති ප්‍රකාරව කණ්ඩායමක් නියමිත කාලය වන විට යවා නිමා කර නොමැති පන්දුවාරයක් සදහා තරග ගාස්තුවෙන් 5% ක දඩ මුදලක් පනවනු ලබනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් පැනවීමටයි තරග තීරක ජවගල් ශ්‍රීනාත් පියවර ගෙන ඇත්තේ.

සිය කණ්ඩායමේ වරද හා ලබා දුන් දඩුවම ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොකරන බව අයි.සී.සීය නිවේදනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...