ලකුණු දෙකට කඩුලු 3 ක් දැවී ගිය ඉන්දියාවේ නම්බුව කෝලි-රාහුල් බේරා දෙයි

Date:

පන්දු යවන්නන්ගේ දක්ෂතා මෙන්ම විරාත් කෝලි හා කේ එල් රාහුල්ගේ සටන්කාමී පිතිහරඹය හමුවේ ඔස්ට්‍රේලියාව පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම අද(8) සමත් වුණා.

පිතිකරුවන්ට යෝග්‍ය නොවූ චෙන්නායි හි චීපක් තණතීරුවේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 199 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 41.2 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඒ, ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 2 ක් තුළ බිද වැටුණු පසුබිමකයි.

ඉෂාන් කිෂන්, රෝහිත් ෂර්මා හා ෂ්රෙයස් අයියර් එලෙස ලකුණු නොලබා දැවී ගියේ පන්දුවාර 2ක් පමණක් අවසන්ව තිබියදීයි.

කෙසේ වෙතත්, අනතුරුව විරාත් කෝලි සමගින් පිටියේ එක් වූ කේ එල් රාහුල් සිව්වැනි කඩුල්ල සදහා පන්දු 215 කින් ලකුණු 165 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

කෝලි ලකුණු 12 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් මිචෙල් මාෂ් අතින් ගිලිහී යාම තරගයේ තීරණයට දැඩිව බලපෑවා. ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 20 ක් ලෙසයි.

කෝලි ලකුණු 85 ක් රැස් කළේ පන්දු 116 කින්. ඒ, හතරේ පහර 6ක් සමගින්. රාහුල් පන්දු 115 කින් නොදැවී ලකුණු 97 ක් ලබා ගත්තා. හයේ පහර 2 ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් කඩුලු 3 ක් හා මිචෙල් ස්ටක් කඩුල්ලක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ස්ටීවන් ස්මිත් ලකුණු 46 ක් හා ඩේවිඩ් වෝනර් ලකුණු 41 ක් රැස් කළා. මිචෙල් ස්ටක් ලකුණු 28 ක් ලබා ගත් අතර, මර්නස් ලබුෂේන් ලකුණු 27 යි.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ජස්ප්‍රිට් බුම්රා හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...