ශ්‍රී ලංකා ප්‍රබල ක්‍රීඩකයෙකුට පළමු තරගය අහිමි වෙයි

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට(7) ක්‍රීඩා කරන පළමු තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ආසියානු කුසලාන තරගාවලියේ දී මුහුණ දුන් පාදයක ආබාධයෙන් පසුව තවමත් 100% ක යෝග්‍යතාවයකින් පසු නොවීම හේතුවෙන්.

හෙට තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මෙම තොරතුරු අනාවරණය කළා.

කෙසේ වෙතත්, බංග්ලාදේශයට එරෙහි පුහුණු තරගයේ දී ආබාධයන්ට ලක් වූ කුසල් පෙරේරා හා නායක දසුන් ශානක හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු යෝග්‍යතාවයකින් පසුවනවා. ආබාධ හේතුවෙන් ඔවුන් දෙදෙනාම ඇෆ්ඝනිස්තානය සමග පැවැති පුහුණු තරගය සදහා ද ක්‍රීඩා කළේ නැහැ.

ආබාධය හේතුවෙන් මහීෂ් තීක්ෂණ පසුගිය 26 වැනිදා ශ්‍රී ලංකා සංචිතය සමග ඉන්දියාව බලා පිටත්ව නොගිය අතර, ඔහු පසුගිය 4 වැනිදා දිල්ලි හී දී ශ්‍රී ලංකා සංචිතය සමග එක්ව තිබුණා.

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය හෙට දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

එම තරගය පස්වරු දෙකට ආරම්භ වන්නේ දිල්ලි ක්‍රීඩාංගනයේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...