රන් පදක්කම සදහා වන සටනට ඉන්දියාව හා ඇෆ්ඝනිස්තානය සුදුසුකම් ලබයි

Date:

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 පිරිමි ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම සදහා වන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව හා ඇෆ්ඝනිස්තානය අද(6) සමත් වුණා.

ඒ, අවසන් පූර්ව වටයේ දී පිළිවෙලින් බංග්ලාදේශය හා පාකිස්තානය පරාජයට පත් කරමින්.

පළමු අවසන් පූර්ව තරගය – ඉන්දියාවට කඩුලු 9ක ජයක්

කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 96 ක් පමණයි.

Jaker Ali ලකුණු 24 ක් හා Parvez Hossain Emon ලකුණු 23 ක් රැස් කළා.පන්දු යැවීමේ දී Sai Kishore ලකුණු 12 කට කඩුලු 3 ක් ද, Washington Sundar ලකුණු 15 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 9.2 ක් පමණක් වැය කරමින් එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Yashasvi Jaiswal ලකුණු නොලබා දැවී ගිය අතර, නායක Ruturaj Gaikwad නොදැවී ලකුණු 40(26) ක් ද, Tilak Varma නොදැවී ලකුණු 55(26) ක් ද ලබා ගත්තා.

දෙවැනි අවසන් පූර්ව තරගය – ඇෆ්ඝනිස්තානයට කඩුලු 4 ක ජයක්

කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 115 ක් පමණයි.

Omair Yousuf ලකුණු 24 කට දැවී ගිය අතර, Fareed Ahmad ලකුණු 15 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානය පන්දුවාර 17.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Noor Ali Zadran ලකුණු 39 ක් ලබා ගත් අතර, Gulbadin Naib නොදැවී ලකුණු 26 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...