Watch : සුපිරි පන්දුවක් හමුවේ රිස්වාන් දැවී ගිය හැටි

Date:

2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් පාකිස්තාන පිතිකරු මොහමඩ් රිස්වාන්ගේ කඩුල්ල දවා ගැනීමට නෙදර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක Bas de Leede අද(6) සමත් වුණා.

මෙම තරගය හයිදරාබාද් හී දී ආරම්භ වූ අතර, තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දුන්නා.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 38 ක් තුළ දවා ගැනීමට නෙදර්ලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

අනතුරුව රිස්වාන් හා සවුද් ශකීල් සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 120 (114) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

ශකීල් හා රිස්වාන් දෙදෙනාම දැවී ගියේ ලකුණු 68 බැගින් ලබා සිටියදීයි. Bas de Leede යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් රිස්වාන් දැවී ගියා.

රිස්වාන්ගේ දැවී යාම පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...