“මම ආදරෙයි සංගක්කාරට, ඒත්…” : ලොවක අවධානය දිනූ රචින් රවීන්ද්‍ර කියපු දේ

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේ දීම ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානයක් දිනා ගැනීමට  නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක රචින් රවීන්ද්‍ර ඊයේ(5) සමත් වුණා.

එංගලන්තය සමග පැවැති තරගයේ දී ඔහු පළමුව පන්දු යැවීමෙන් හැරී බෘෘක්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූ අතර, අනතුරුව නවසීලන්තයට සුපිරි ජයක් හිමි කර දීම ‍වෙනුවෙන් පන්දු 96 කින් නොදැවුණු ලකුණු 123 ක් වාර්තා කිරීමට ද ඔහු සමත් වුණා.

එහිදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඩෙවෝන් කොන්වේ සමග එක්ව නොබිදුණු ලකුණු 273* (211) ක සම්බන්ධතාවයක් පිහිටුවීමට ද රවීන්ද්‍ර සමත් වීම කැපී පෙනුණා.

මෙම දක්ෂතා හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ඔහුයි.

ඔහුට ඔහුගේ දෙමව්පියන් විසින් රචින් යන නාමය තබා ඇත්තේ හිටපු සුපිරි පිතිකරුවන් දෙදෙනෙකු වන රාහුල් ඩ්‍රාවිඩ් හා සචින් තෙන්ඩුල්කාර් යන ක්‍රීඩකයින්ගේ නම් මූලික කර ගනිමිනුයි.

“පැහැදිලිවම, මම සචින් තෙන්ඩුල්කාර්ට අතිශයින්ම ගරු කරනවා. මම හිතන්නේ ගොඩක් අය එහෙම කරා. මම හිතන්නේ ඔහු පිතිකරණයේ නිරත වූ ආකාරය මෙන්ම ඔහුගේ තාක්ෂණය බලාගෙන ඉන්න ලස්සනයි.”

“මම ආදරෙයි ලාරාට. මම ආදරෙයි සංගක්කාරට. ඔවුන් සුපිරි වමත් පිතිකරුවන්. නමුත්, තෙන්ඩුල්කාර් තමයි උසස්ම”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...