ලකුණු දෙකක තියුණු ජයකින් බංග්ලාදේශය අවසන් පූර්ව වටයට

Date:

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 පිරිමි ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද(4) සමත් වුණා.

ඒ, තරගාවලියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් මැලේසියාව පරදා ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කරමින්.

ඒ අනුව අවසන් පූර්ව වටයේ දී බංග්ලාදේශය හා ඉන්දියාවත්, පාකිස්තානය හා ඇෆ්ඝනිස්තානයත් තරග වැදීමට නියමිතයි.

අද පැවැති සිව්වැනි අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 116 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 114 ක් පමණයි.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් නායක සයිෆ් හසාන් නොදැවී ලකුණු 50 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් රිපෝන් මොන්ඩල් හා අෆිෆ් හොසේන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...