මැතිව්ස්ගේ සුපිරි ශතකය හමුවේ ලෝක වාර්තාවක් සමග කොදෙව්වන් ඔස්ට්‍රේලියාව පරදවයි

Date:

Hayley Matthews ගේ අනර්ඝ පිතිහරඹය හමුවේ ඔස්ට්‍රේලියාව පරදා, කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් ඉතිහාසයේ දී හඹා ගොස් කණ්ඩායමක් තරගයක් ජය ගත් ඉහළ ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව බිද දැමීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අද(2) සමත් වුණා.

North Sydney හී දී පැවැති මෙම තරගය දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් 20යි 20 තරගාවලියේ දෙවැනි තරගය වූ අතර, මෙම තරගයෙන් කොදෙව් ක්‍රීඩිකාවන් කඩුලු 7ක සුපිරි ජයක් වාර්තා කළා.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 212 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

Ellyse Perry ලකුණු 70 ක් හා Phoebe Litchfield නොදැවී ලකුණු 52 (19) ක් රැස් කළා. පන්දු යැවීමේ දී Hayley Matthews ලකුණු 36 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කාන්තා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් දැවී සිටියදීයි.

නායිකා Matthews පන්දු 64 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 132 ක්. හයේ පහර 5කින් හා හතරේ පහර 20 කින් ඇයගේ ඉනිම වර්ණවත් වුණා. Stafanie Taylor ලකුණු 59 යි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය මේ වන විට කණ්ඩායම් දෙකම තරග 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...