ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පාකිස්තාන සංචාරයක ; කාලසටහනත් නිවේදනය කෙරේ

Date:

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ තරග කාලසටහන පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් අද(2) නිවේදනය කළා.

මෙම තරග සංචාරයේ දී දෙරටේ යොවුන් ක්‍රිකට් කණ්ඩායම් අතර සිව්දින තරගයක් හා එක්දින තරග 5 ක් පැවැත්වීමට නියමිතයි.

තරග හයම කරච්චි හී දී පැවැත්වීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔක්තෝබර් 12 වැනිදා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙරටින් පිටත්ව යාමට නියමිත අතර, ඔක්තෝබර් 15 වැනිදා සිට 31 වැනිදා දක්වා තරග පැවැත්වීමට නියමිතයි.

සිව්දින තරගය ඔක්තෝබර් 15 වැනිදා ආරම්භ වනවා. එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 22 වැනිදා සිට 31 වැනිදා දක්වායි.

ප්‍රධාන වශයෙන් 2024 වසරේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින් මෙම තරගාවලිය පැවැත්වෙනවා.

Schedule:

15-18 October – Four-day match

22 October – First One-Day

24 October – Second One-Day

27 October – Third One-Day

29 October – Fourth One-Day

31 October – Fifth One-Day

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...