ඇෆ්ඝනිස්තානය අර්ධ අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත් වෙයි

Date:

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 පිරිමි ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට මේ වන විට රටවල් 8ක් සුදුසුකම් ලබා තිබෙනවා.

තරගාවලියට රටවල් 14 ක් තරග වදින අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සෘජුවම සුදුසුකම් ලබා ගත්තා.

එම රටවල් පහට අමතරව අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවන සෙසු රටවල් 9 ද තරගාවලියට එක් වූ අතර, ඔවුන් කාණ්ඩ 3 ක් යටතේ මූලික වටයේ තරග සදහා ක්‍රීඩා කළා.

එම කාණ්ඩ තුනේ පළමු ස්ථාන දිනා ගත් කණ්ඩායම් තුන, එනම් නේපාලය, හොංකොං හා මැලේසියාව, මේ වන විට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කරමින් හෙට පැවැත්වෙන පළමු තරගයේ දී ඉන්දියාව හා නේපාලය තරග වැදීමට නියමිතයි.

දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ද හෙට පැවැත්වෙන අතර, එම තරගයට ක්‍රීඩා කරන්නේ පාකිස්තානය හා හොංකොං යන රටවල්.

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අනිද්දා(4) දිනයේ දී තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය සදහා ක්‍රීඩා කරනවා. එම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 6.30ට ආරම්භ වීමට නියමිතයි.

සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරන්නේ බංග්ලාදේශය හා මැලේසියාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...