කුසල් පෙරේරාගේ වෛද්‍ය වාර්තා නිකුත් වෙයි

Date:

දකුණු උරහිසෙහි සුළු ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගේ වෛද්‍ය වාර්තා මේ වන විට නිකුත් වී තිබෙනවා.

පසුගිය 29 වැනිදා බංග්ලාදේශය සමග පැවැති පුහුණු තරගයේ දී යි කුසල් සුළු ආබාධයකට ලක් වුණේ.

අනතුරුව ඔහු වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කෙරුණු අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ ආබාධය බරපතල තත්ත්වයක නොමැති බවයි.

ඒ අනුව ඔහුට ගැටලුවකින් තොරව මෙවර ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති.

ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි හා අවසන් පුහුණු තරගය එළඹෙන 3 වැනිදා ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 7 වැනිදා පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...