පුහුණු තරග දෙකම වැස්සට බිලි වෙයි ; ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක් අහිමි වෙයි

Date:

අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග යටතේ අද(30) පැවැති තරග දෙකම වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වුණා.

කෙසේ වෙතත්, නෙදර්ලන්තයට එරෙහිව මිචෙල් ස්ටක් විසින් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීම අද දිනයේ දී කැපී පෙනුණ සිදු වීමක් බවට පත් වුණා.

ඔස්ට්‍රේලියා-නෙදර්ලන්ත තරගය 

වර්ෂාවෙන් සිදු වූ බාධා හේතුවෙන් තිරුවානන්තපුරම් හී දී පැවැති මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර 23 කට සීමා කෙරුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 23 අවසන් කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 166 ක් රැස් කරමින්.

ස්ටීවන් ස්මිත් ලකුණු 55 ක් හා කැමරන් ග්‍රීන් ලකුණු 34 ක් රැස් කළා. ඇලෙක්ස් කෙරී ලකුණු 28 යි.

පන්දු යැවීමේ දී Logan van Beek, Roelof van der Merwe හා Bas de Leede කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දුවාර 14.2 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 84 ක් ලබා සිටියදී තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුණා.

Colin Ackermann නොදැවී ලකුණු 31 යි. නෙදර්ලන්ත ඉනිමේ පළමු කඩුලු 3 පිට පිට පන්දු තුනකදී දවා ගනිමිනුයි ස්ටක් විසින් කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළේ.

ඉන්දු-එංගලන්ත තරගය

කෙසේ ‌වෙතත්, ඉන්දියාව හා එංගලන්තය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරගය වර්ෂාව නිසා කිසිදු පන්දුවාරයක් ‌ක්‍රියාත්මක නොකරම අත්හැර දැමීමටයි සිදු වුුුණේ.

ගුවහාටි හී දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

නමුත්, අනතුරුව ක්‍රීඩාංගනයට පතිත වූ වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...