සුපිරි හඹා යමකින් නවසීලන්තය පුහුණු තරගය ජය ගනියි

Date:

අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පුහුණු තරග යටතේ අද(29) පාකිස්තානය සමග පැවැති තරගයෙන් සුපිරි හඹා යාමක් සමග කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගය ජය ගැනීමට ලකුණු 346 ක දැවැන්ත ඉලක්කයක් නවසීලන්තයට හිමි වූ අතර, ඔවුන් එය පන්දුවාර 43.4 ක් අවසානයේ කඩුලු 5ක් දැවී පසු කර ගියා.

රචින් රවීන්ද්‍ර ලකුණු 97(72) ක් රැස් කළ අතර, ආබාධයකින් පසුව යළි තරග බිමට පිවිසි කේන් විලියම්සන් ලකුණු 54 ක් හා ඩැරල් මිචෙල් ලකුණු 59 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට තීරණය කළා.

මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 65 ක් හා ජේම්ස් නීෂම් ලකුණු 33 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී උසාමා මීර් කඩුලු 2 ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් මොහමඩ් රිස්වාන් ලකුණු 103(94) ක් රැස් කළා.  නායක බාබර් අසාම් ලකුණු 80 ක් ද, සවුද් ශකීල් ලකුණු 75 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...