ශකිබ් විශ්‍රාම ගැනීමේ සැලසුම හෙළි කරයි ; තමිම්ට එරෙහිවත් දැඩි විවේචනයක්

Date:

2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය සිය අවසන් ජාත්‍යන්තර තරගාවලිය වීමට ඉඩ ඇති බව බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් පවසනවා.

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් 20යි 20 ජාත්‍යන්තර පිටියට සමු දීමට සැලසුම් කර ඇති බවයි ඔහු සදහන් කළේ.

ඉන්දියාවේ දී ආරම්භ වන එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව ටෙස්ට් පිටියට සමු දීමට ද ඉඩ ඇති බව ඔහු පෙන්වා දෙනවා.

T-Sports සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශකිබ් මෙම අදහස් පල කළා.

මේ අතර, මෙම සම්මුඛ සාකච්ඡාවේ දී ශකිබ් අල් හසාන් විසින් ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල්ගේ ක්‍රියාකලාපය ද දැඩි විවේචනයකට ලක් කිරීම විශේෂත්වයක්.

ලෝක කුසලාන තරගාවලිය සදහා තමිම් ඉක්බාල් නම් නොකිරීමට එරට තේරීම් කමිටුව පසුගියදා පියවර ගත්තා. ආබාධ තත්ත්වයක් හේතුවෙන් එලෙස ඔහුව සංචිතයට නම් කර නොතිබූ බව සදහන් කර තිබුණා.

පසුව තමිම් ඉක්බාල් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ තමා ලෝක කුසලානය වන විට ක්‍රීඩා කිරීමට සුදුසු යෝග්‍යතාවයක පසු වීමට ඉඩ තිබූ බවයි.

එමෙන්ම තමාට මැද පෙල පිතිකරුවෙකු ලෙස ලෝක කුසලාන තරගාවලියේ දී ක්‍රීඩා කරන ලෙසට දැනුම් දී තිබූ බව ද තමිම් කියා සිටියා. තමා ඊට එකග නොවූ බවයි ඔහු සදහන් කළේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ශකිබ් කියා සිටියේ තමිම් ඉක්බාල්ගේ ක්‍රියාකලාපය ”බොළද” බවයි.

එමෙන්ම ඔහු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු නොවන බවත්, ආත්මාර්ථකාමී ක්‍රීඩකයෙකු බවත් ශකිබ් පෙන්වා දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...