යළි ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොඉවසිල්ලෙන් බලා ඉන්නවා : ධනුෂ්ක

Date:

ශ්‍රී ලංකාවට ගොස් යළි ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමට තමා දැඩි අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පවසනවා.

ඔහුට එරෙහිව එල්ල වූ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට ඔහු වරදකරු නොවන බව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණය අද තීන්දු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධනුෂ්ක මේ බව සදහන් කළා.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු Sarah Huggett විසින් 32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලකව එල්ල වූ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමටයි අද පියවර ගත්තේ.

පවතින සාක්ෂි අනුව ධනුෂ්කට එරෙහි චෝදනාව සනාථ නොවන බව විනිසුරු විසින් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට ඉදිරියේ දී යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට හැකි වනු ඇති.

තමා වෙනුවෙන් සහාය දැක් වූ සියලු දෙනාට තමා ස්තූතිවන්ත වන බව ධනුෂ්ක කියා සිටියා.

“මම සතුටු වෙනවා මගේ ජීවිතය යළි සාමාන්‍ය තත්වයට පත් වීම ගැන” යනුවෙන් ධනුෂ්ක සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...